පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2951/’12
ගරු අජිත් කුමාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කරනු ලැබු දිනය කවරේද;
(ii) ආරම්භක දිනයේ සිට මේ දක්වා එම අරමුදලේ සාමාජික සංඛ්‍යාව සහ ඊට ලැබුණු මුදල, සමෘද්ධි සහනාධාර නිකුත් කළ කාර්තු අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2012 ජුනි 30 දිනට එම අරමුදලේ ශේෂය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එම අරමුදලෙහි,
(i) මුදල් භාවිතා කළ හැකි කාර්යයන්;
(ii) ආරම්භයේ සිට මේ දක්වා එහි මුදල් භාවිතා කර ඇති කාර්යයන්;
(iii) නීතිමය තත්ත්වය විග්‍රහ කරන පනත් හා රෙගුලාසි;
(iv) සාමාජිකයෙකුගේ සමාජ ආරක්‍ෂණ හිමිකමක් සඳහා වන ඉල්ලීමකට අදාළ ගෙවීම සිදුකිරීමට ගතවන කාලය;
(v) සමාජිකයකුට හිමි ගෙවීම සිදුකිරීමේදී නියමිත කාලය ඉක්මවා යන්නේ නම්, ඊට හේතු;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල භාවිත කර වෙනත් ආයෝජන සිදුකර තිබේද;
(ii) එසේ නම්, ආරම්භයේ සිට මේ දක්වා සිදුකළ ආයෝජනයන්ගෙන් උපයාගෙන ඇති ලාභය කොපමණද;
(iii) එම ලාභ බෙදීයන පාර්ශ්වයන් කවරේද;
(iv) එම එක් එක් පාර්ශ්වයන් වෙත බෙදීයන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල : විස්තර
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks