E   |     |  

 දිනය: 2013-08-21   පිළිතුර ලබා දී ඇත 

2965/ 2013 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2965/’12

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2010 සහ 2011 වර්ෂවලදී උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා ලබා දෙන බව පවසමින් ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඇති බවත්;

      (ii) එම පිරිසෙන් කොටසකට පමණක් පුහුණුව සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්;

      (iii) එම පුහුණුව ලැබූ උපාධිධාරීන්ගෙන් තෝරාගත් කොටසකට පමණක් රැකියා අවස්ථා ලබාදීම සඳහා දේශපාලන බලපෑම් මත කටයුතු සම්පාදනය කරමින් සිටින බවත්;

      (iv) පුහුණුව ලැබූ අනෙකුත් උපාධිධාරීන් රැකියා වියුක්තිව සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ඉහත සඳහන් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඇති උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

      (ii) සම්මුඛ පරීක්ෂණවලින් පසුව පුහුණුව සඳහා ‍‍තෝරාගත් උපාධිධාරීන්  සංඛ්‍යාව කොපමණද;

      (iii) උපාධිධාරීන්ට දේශපාලන බලපෑම් මත රැකියා ලබාදීමට ක්‍රියාකළ නිලධාරීන්ට එරෙහිව පියවර ගනු ලබන්නේද;

      (iv) පුහුණුව ලැබූ සියලුම උපාධිධාරීන්ට කිසිදු බලපෑමකට යටත් නොවී රැකියා අවස්ථා ලබාදීම සඳහා කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-21

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රැකියා ලබා දීම : පුහුණු උපාධිධාරීන්

පිළිතුරු දුන් දිනය

2013-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks