E   |     |  

 දිනය: 2013-03-22   පිළිතුර ලබා දී ඇත 

2978/ 2013 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2978/’12

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය පිහිටුවා වර්ෂ  10ක් ගතවී ඇතත්, මේ වනතෙක් එම ආයතනයට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බවත්;

                  (ii)       එම අධිකාරියේ වගකිව යුතු බලධාරීන් විසින් රාජ්‍ය මුදල් අවිධිමත් ලෙස හා අපරීක්ෂාකාරී ලෙස වැය කර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  පසුගිය වර්ෂ 10ක් පුරා සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල සඳහා ගෙවා ඇති කුලී මුදල කොපමණද;

        (ii)  බිම් කුලිය ලෙස විශාල බදු මුදලක් ගෙවන එම අධිකාරිය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;

        (iii)  එම ආයතනයේ මුදල් අපරීක්ෂාකාරී ලෙස  පරිහරණය කළ බලධාරියාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-03-22

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය : ස්ථිර ගොඩනැඟිල්ල

පිළිතුරු දුන් දිනය

2013-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks