පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3012/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික හා විශ්‍රාමයාමට බලාපොරොත්තුවන සේවකයින්ගේ දරුවන් පිය - පුතු පදනම මත තාක්ෂණ හා තාක්ෂණ නොවන පුහුණු කණ්ඩායම් දෙකක් ලෙස බඳවාගෙන එම ආයතනය තුළ වර්ෂ තුනක පුහුණුවක් ලබාදී ඇති බවත්;
(ii) එම පුහුණුව ලැබූ අයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ රැකියා ලබා නොදීම නිසා ඔවුන් දැඩි අසරණභාවයට පත්ව සිටින බවත්;
(iii) එම පිරිසට රැකියා ලබා නොදී වෙනත් අයට හිතවත්කම් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා ලබා දෙන බවට චෝදනාවක් ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙතෙක් රැකියා ලබා නොදීම ඉහත පුහුණුව ලැබූවන්ට කරන බලවත් අසාධාරණයක් බවත්;
(ii) එම පුහුණු ශ්‍රමිකයන්ගෙන් ප්‍රයෝජන නොගැනීම ජාතික අපරාධයක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිය - පුතු පදනම මත පුහුණුව ලබා ගත් දරුවන් සඳහා කඩිනමින් සුදුසු රැකියා ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ "පිය - පුතු පදනම" මත පුහුණුව ලබා ගත් දරුවන් : රැකියා අවස්ථා
පිළිතුරු දුන් දිනය
2013-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහිත අබේගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks