පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3044/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත සහ බුලත්සිංහල යන ප්‍රදේශවල පෞද්ගලීකරණය කළ රාජ්‍ය අංශයේ වතුවල කම්කරු ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් එම වතු සමාගම් විසින් කපාහැර ඇති බැවින් එම කම්කරු ජනතාව දැඩි සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ පා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ප්‍රදේශවල ජීවත් වන වතු කම්කරු පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම වතු කම්කරු ජනතාවට ලබා දී ඇති සෞඛ්‍ය පහසුකම් කවරේද;
(iii) එම වතු කම්කරු ප්‍රජාව තුළ මේ වන විට පවතින ළමා හා මාතෘ මරණ, බෝනොවන රෝග වැළඳීම්, අනිසි ගැබ් ගැනීම් සහ මන්දපෝෂණයට අදාළ සංඛ්‍යාත්මක දත්ත කවරේද;
(iv) එම ප්‍රදේශවලට අවශ්‍ය සනීපාරක්ෂක හා සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පෞද්ගලීකරණය කළ රාජ්‍ය අංශයේ වතුවල කම්කරු: සනීපාරක්ෂක පහසුකම්
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද සමරසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks