E   |     |  

 දිනය: 2013-07-11   පිළිතුර ලබා දී ඇත 

3059/ 2013 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3059/’12

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂූන්වහන්සේලා සඳහා රාජ්‍ය ‍සේවයේ පත්වීම් ලබාදීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;

                  (ii)       ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටි 580ක් පමණ භික්ෂූන්වහන්සේලාගේ පත්වීම් අහෝසිකර අර්ධ රාජ්‍ය පිරිවෙන් පත්වීම්වලට පමණක් භික්ෂූන්වහන්සේ සීමාකිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයකට එළැඹී ඇති බවත්;

        (iii)  එම තත්ත්වය හේතුවෙන් විශාල ශාසනික අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ පවතින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  මේ වන විට සිටින රැකියා වියුක්ත උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂුන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

        (ii)  අර්ධ රාජ්‍ය පිරිවෙන් පත්වීම්වල සේවයට පමණක් උපාධිධාරී භික්ෂුන්වහන්සේලා සීමා කිරීමට එළැඹි අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමට පියවර ගන්නේද;

        (iii)  උපාධිධාරී භික්ෂුන්වහන්සේලාට කඩිනමින් රාජ්‍ය සේවය තුළ පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-11

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උපාධිධාරි අභ්‍යාසලාභි භික්ෂූන් වහන්සේලා: රාජ්‍ය සේවයේ පත්වීම්

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks