E   |     |  

 දිනය: 2013-06-06   පිළිතුර ලබා දී ඇත 

3074/ 2013 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3074/’12

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවත්වනු ලබන  නීතිවේදී (LLB) උපාධි පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීමට 2009, 2010 සහ 2011 වර්ෂවලදී  පවත්වනු ලැබූ තරඟ විභාගය සඳහා පෙනී සිටි අපේක්‍ෂකයන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)   2009, 2010 සහ 2011 යන එක් එක් වර්ෂයේදී එම විභාගය පැවත්වූ දිනය සහ ප්‍රතිඵල නිකුත් කළ දිනය කවරේද යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?

      (ඇ)  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ “දෘෂ්ඨි ප්‍රකාශනය” තුළ අන්තර්ගතකර ඇති “කාර්යක්‍ෂමබව” සමග ඉහත තත්ත්ව එකඟ වන්නේද යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-06

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී (LLB) උපාධි පාඨමාලාව : තරග විභාගය

පිළිතුරු දුන් දිනය

2013-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks