E   |     |  

 දිනය: 2013-06-06   පිළිතුර ලබා දී ඇත 

3075/ 2013 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3075/’12

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සම සෞඛ්‍ය විශේෂඥවේදී උපාධිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

                  (ii)       එම පාඨමාලාව සඳහා මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  මේ වන විට එම පාඨමාලාව හදාරා උපාධි ලබාගෙන ඇති  සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  සම සෞඛ්‍ය විශේෂඥවේදී උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය වර්ෂ  3 ක් දක්වා අඩුකිරීමට තීරණය කර තිබේද;

        (ii)  එසේ නම්, එයට හේතු කවරේද;  

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  ඉහත උපාධි පාඨමාලාවේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-06

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සම සෞඛ්‍ය විශේෂඥවේදී උපාධි පාඨමාලාව : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks