පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3139/’12
ගරු අබ්දුල් හලීම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හාරිස්පත්තුව සංවර්ධන පදනම නමැති ආයතනය මගින් 1994 වර්ෂයේදී හල්ලොලුව, වරාතැන්න මහවැලි ගඟ මැද පිහිටි ඓතිහාසික ස්ථානයක ඉදිකර, සංඝ රත්නයට පූජාකළ උදකුක්ඛේප සීමාමාලකය උඩරට අමරපුර සංඝ නිකායේ උපසම්පදා විනය කර්ම සිදු කරන ස්ථානය බවත්;
(ii) මේ වන විට එකී පූජනීය ස්ථානය ඉවත් කර එම ස්ථානයේ පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවන බවත්;
(iii) ඓතිහාසික වැදගත්කමක් ඇති එම පූජනීය ස්ථානය විනාශ කිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති අමරපුර නිකායට අදාළ දිවයින පුරා සිටින ගිහි, පැවිදි බොහෝ පිරිසක් ඊට එරෙහිව විරෝධතාවයකට සූදානම් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) උඩරට අමරපුර නිකායේ පරිහානියට තුඩු දෙන එම පෞද්ගලික විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු වහාම නතර කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඓතිහාසික හා පාරම්පරික වටිනාකමක් ඇති උදකුක්ඛේප සීමාමාලකය තුළ ඉදිරියටත් බාධාවකින් තොරව එකී නිකායේ විනය කර්ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-04
අසන ලද්දේ
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
උදකුක්ඛේප සීමා මාලකය පූජනීය ස්ථානය : විදුලි බලාගාරයක්
පිළිතුරු දුන් දිනය
2013-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks