E   |     |  

 දිනය: 2013-12-02   පිළිතුර ලබා දී ඇත 

3147/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3147/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2012 වර්ෂය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශුද්ධ ලාභය හෝ අලාභය කොපමණද;

                  (ii)      2010, 2011 සහ 2012 වර්ෂ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී සේවා පහසුකම් සැපයීම, තීරුබදු රහිත භාණ්ඩ විකිණීමේ කටයුතු, බස් රථ සේවාව, මගී ගුවන්ගත වීම් සහ භාණ්ඩ තොග වැනි ක්‍ෂේත්‍ර හසුරුවනු ලබන එක් එක් උප සමාගමේ ඉපයීම් කවරේද;

        (iii)  ගුවන්යානයක් සඳහා දරන වාර්ෂික පිරිවැය කොපමණද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

      (ආ)  (i)  සමස්ත කාර්ය මණ්ඩල වැටුප් සහ ආදායම;

        (ii)  මගී ගුවන් යානයක ඇති ආසන සංඛ්‍යාව සහ එහි ගමන් කරන සැබෑ මගීන් සංඛ්‍යාව;

        (iii)  භාණ්ඩ තොගවලින් ලැබෙන ආදායම සහ සමස්ත ආදායම;

        (iv)  ප්‍රාග්ධන ක්‍රමක්ෂයට ආදායම සහ ශුද්ධ ලාභය; 

      අතර පවතින ප්‍රධාන අනුපාතයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?    

      (ඇ)  ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එමිරේට්ස් ගුවන් සේවයෙන් යළි පවරා ගත් දින සිට මේ දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රාග්ධන සහ පොදු සංචිත ප්‍රමාණ වාර්ෂික පදනමින් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-12-02

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රීලන්කන් ගුවන් සේවය: ලාභය හෝ අලාභය

පිළිතුරු දුන් දිනය

2013-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks