E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

3153/ 2014 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3153/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ඇමරිකා එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුමට එළඹීමට පාදක වූ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම ක්‍රියාත්මක නොකරන්නේ මන්ද;

                  (ii)       2004 මැයි 01 දින සිට මේ දක්වා වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමට අදාළව පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාව කොපමණද;

        (iii)  මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ කවරේද;

        (iv)  ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පාරි‍භෝගික භාණ්ඩ කවරේද;

        (v)  2010, 2011 සහ 2012 වර්ෂවල ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති වෙළද ශේෂයන් වෙන් වෙන් වශයෙන් කොපමණද; 

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඇමෙරිකා එක්සත් ජනපදය - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම: වෙළඳ ශේෂය

පිළිතුරු දුන් දිනය

2014-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks