E   |     |  

 දිනය: 2013-03-21   පිළිතුර ලබා දී ඇත 

3170/ 2013 - ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3170/’12

       

      ගරු ඊ. සරවනපවන් මහතා,— නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       නැවත පදිංචි කරනු ලබන සෑම පුද්ගලයෙකුටම රු. 5,000/=, රු.20,000/=,          රු. 25,000/= වශයෙන් වූ වාරිකවලින් රු. 50,000/= ක මුදලක් ගෙවනු ලබන බවට අවස්ථා ගණනාවකදීම පොරොන්දු වී ඇති බවත්;

      (ii) එම දීමනාව ලබා දෙන බවට බොහෝ අයගෙන් විස්තර සහ අත්සන් ලබාගෙන ඇති බවත්;

       එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත පොරොන්දුව පරිදි නැවත පදිංචි වූ සියලුම පුද්ගලයින්ට රු. 50,000/= ක මුදල මුළුමනින් ලබාදී තිබේද;

      (ii) නොඑසේ නම්, දුක්විඳින එම ජනතාවට එම  මුදල ලබාදීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-03-21

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

RESETTLED PERSONS : ALLOWANCE

පිළිතුරු දුන් දිනය

2013-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks