E   |     |  

 දිනය: 2013-04-09   පිළිතුර ලබා දී ඇත 

3172/ 2013 - ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3172/’12

       

      ගරු ඊ. සරවනපවන් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ඒවායෙහි සේවය කරන ග්‍රාම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

        (iii) නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකරන මෙම ප්‍රදේශවල පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ‍?        

      (ආ) (i) යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

      (ii) යාපනය දිස්ත්‍රික්කයේ මේ වන විට, ස්ථිර ග්‍රාම නිලධාරීන් නොමැති වැඩබලන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-04-09

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යාපනය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් : පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2013-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks