E   |     |  

 දිනය: 2013-07-26   පිළිතුර ලබා දී ඇත 

3193/ 2013 - ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3193/’12

      ගරු එම්. ටී. හසන් අලි  මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       දැනට කොළඹ 9, දෙමටගොඩ, බේස්ලයින් පාරේ, අංක 575/17 දරන ස්ථානයේ තාවකාලිකව පදිංචි එම්. රාමසාමි මහතාට අනවසර පදිංචිකරුවන් සඳහා නිවාස ලබාදීමේ වැඩ සටහන යටතේ පෑලියගොඩ අඩු ආදායම් නිවාස සංකීර්ණයෙන් කුලී පදනම යටතේ නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟතාවයක් පළ කර ඇති  බවත්;

        (ii)  රාමසාමි මහතාට පදිංචිය සඳහා නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අංක 10.05.187 හා 2005.09.26 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අංක HRC/165/03/7 (VI) යටතේ ද එකඟතාවය පළ කරනු ලැබුවත් එය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  රාමසාමි මහතාට නාගරික සංවර්ධන අධිකාරිය හරහා ස්ථිර පදිංචිය සඳහා නිවසක් ලබාදීමට නොපමාව පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-26

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks