පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3195/’12
ගරු එම්. ටී. හසන් අලි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල, මිලිද්දුව, එච්. කේ. එඩ්මන්ඩ් මාවතේ, අංක 160 දරන ස්ථානයේ පදිංචි එම්. ඉසඩ්. මොහමඩ් මහතා සහ ෆාතිමා සනීරා මහත්මියට අයත් පෞද්ගලික ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු කර ගැනීම පිළිබඳව ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින්, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 21972 යටතේ පවරන ලද නඩුව පොලිසිය විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙන බවත්;
(ii) අංක 1977 හා 2002.11.23 දිනැති එම ව්‍යාජ ඔප්පුවේ අත්සන් හෝ මාපට ඇඟිලි සලකුණේ විකෘතිභාවයක් පවතින බවට ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර් විසින් අංක ලී.ලේ. 07/2009 හා 2010.02.08 දිනැති නිල ලේඛනය මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දීම හේතුවෙන් එකී නඩුව ඉල්ලා අස්කර ගනු ලැබූ බවත්;
(iii) එම ව්‍යාජ ඔප්පුව සකස්කරන ලද නොතාරිස්වරයාට හෝ එකී නඩුවේ චූදිතයින්ට එරෙහිව මෙතෙක් නීතිමය පියවරක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම ව්‍යාජ ඔප්පුව සකස් කරන ලද නොතාරිස් ඇතුළු අදාළ සැකකරුවන්ට එරෙහිව නොපමාව නීතිමය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-26
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks