E   |     |  

 දිනය: 2013-04-24   පිළිතුර ලබා දී ඇත 

3202/ 2013 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3202/’12

       

      ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවට බීජ වර්ග ආනයනය කිරීමේදී බී ලූණු, වට්ටක්කා, මාළුමිරිස්, පතෝල, මිරිස්, තක්කාලි, වැටකොළු, පිපිඤ්ඤා, කැකිරි, මෑ, ගස්ලබු, මුංඇට, කරවිල හා රටකජු යන බෝග වර්ගවලින් වාර්ෂිකව ගෙන්වන බීජ ප්‍රමාණයන්;

        (ii)  ආනයනික එම එක් එක් බීජ වර්ගය අතරින් පෞද්ගලික අංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙන්වනු ලබන ප්‍රමාණයන්;

        (iii)  ඉහත සඳහන් එක් එක් බීජ වර්ගයේ  කිලෝ එකක මිල;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඉහත  එක් එක් බෝගයේ බීජ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  එම ප්‍රමාණයන් දේශීය බීජ අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත්වේද;

        (iii)  ඉහත සඳහන් බීජ දේශීය ගොවිපළවල නිෂ්පාදනය කරන්නේ නම්, ගොවීන්ට ඒවා ලබා දිය හැකි මිල ගණන් කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ  නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-04-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බීජ ආනයනය සහ නිෂ්පාදනය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks