පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3218/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, ගලගෙදර, තුම්පනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ඉවත් කරන ලද කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය පූජාපිටිය ප්‍රාදේශීය සභාවට අයත්, දික්ඔයවත්ත නමැති ඉඩමට බැහැර කරන බවත්;
(ii) බැහැර කරන අපද්‍රව්‍ය එම ප්‍රදේශයේ ජලයට එකතුවීම නිසා අවට ජනතාව රෝගී තත්ත්වයන්ට මුහුණපා ඇති බවත්;
(iii) අපද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙන ගොස් දැමීම නතර කරන ලෙස අදාළ බලධාරීන් දැනුවත් කළද මේ දක්වා විසඳුමක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවත්;
(iv) කැළිකසළ ප්‍රවාහනය කිරීම හේතුවෙන් අවට මාර්ග කිහිපයක්ද මේ වන විට විනාශ වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කසළ ප්‍රවාහනය නිසා විනාශ වූ මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඉවතලන කැළිකසළ ඉහත සඳහන් ස්ථානයට බැහැර කිරීම නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
තුම්පනේ ප්‍රාදේශීය සභාව : කසළ බැහැර කිරීම
පිළිතුරු දුන් දිනය
2014-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks