E   |     |  

 දිනය: 2013-11-28   පිළිතුර ලබා දී ඇත 

3372/ 2013 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3372/’12

      ගරු පී. හැරිසන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)        (i)      උතුරු මැද පළාත් සභාවේ  මන්ත්‍රීවරයෙකුට ලැබෙන විමධ්‍යගත මුදල කොපමණද;

                  (ii)      එම මුදල් වැය කළ යුතු සංවර්ධන කටයුතු කවරේද යන්න චක්‍රලේඛයක් මගින්  දන්වා තිබේද;

        (iii)  එසේ නම්, එම කටයුතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  විමධ්‍යගත අරමුදලින් ලැබෙන මුදල්,

        (i)  අදාළ සමිති සමාගම් හෝ පුද්ගලයින් වෙත නිසි පරිදි නොලැබෙන බවත්;

        (ii)  සමහර පළාත් සභා මන්ත්‍රීවරුන් තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා යොදා ගන්නා බවත්;

        (iii)  වියදම් කිරීමේදී සමහර පළාත් සභා මන්ත්‍රීවරුන් නිලධාරීන්ගේ සහාය ඇතිව වංචා සිදු කරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ඇ)  (i)  පළාත් සභා විමධ්‍යගත මුදල් ලබාදීමේදී අදාළ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමක් සිදු කරන්නේද;

        (ii)  නොඑසේ නම්, ඊට හේතු කවරේද;

        (iii)  ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම කටයුත්ත සිදු කරන්නේ නම්, පළාත් සභාව විසින් ඒ පිළිබඳව පසු විපරමක්  කරන්නේද;

        (iv)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

        (v)  විමධ්‍යගත මුදල් වැය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ  ක්‍රමවත්ව සිදු කරන්නේද;

        (vi)  එසේ නම්, එහි ප්‍රගතිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)    නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-28

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු මැද පළාත් සභාව: විමධ්‍යගත මුදල්

පිළිතුරු දුන් දිනය

2014-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks