පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3383/’12
ගරු පී. හැරිසන් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට අපේක්ෂිත ස්වභාවික වන අලි සංරක්ෂණ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සඳහන් එක් එක් මධ්‍යස්ථානයේ,
(i) නම, පිහිටීම, විශාලත්වය සහ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) අපේක්ෂිත කාර්ය භාරය කවරේද;
(iii) ඉදි කරනු ලබන විදුලි වැටවල්වල දුර ප්‍රමාණය හා ඒවා ඉදි කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) විදුලි වැටවල් නඩත්තුව සඳහා යෙදවීමට අපේක්ෂිත නිලධාරීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැයවන මුදල කොපමණද;
(v) එක් මධ්‍යස්ථානයක සේවයේ යොදවනු ලබන මුළු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) හොරොව්පතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ,
(i) ඉදි කිරීමට නියමිත වැව් සංඛ්‍යාව හා ඒවා සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(ii) ඉදි කරන තණ පිට්ටනි සංඛ්‍යාව සහ ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(iii) අලි පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂිත කාලය කොපමණද;
(iv) පුනරුත්ථාපනය කරනු ලබන එම අලි මුදාහරින ප්‍රදේශ කවරේද;
(v) පුනරුත්ථාපනය කර මුදාහරින ලද අලි සම්බන්ධයෙන් පසු විපරමක් කරනු ලබන්නේ නම්, එය සිදු කරන ආකාරය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-24
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී සම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ස්වාභාවික වන අලි සංරක්ෂණ මධ්‍යස්ථාන : විස්තර
පිළිතුරු දුන් දිනය
2014-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks