පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3433/’13
ගරු පී. හැරිසන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ ඇතිවූ ජලගැලීම් හා නායයෑම් නිසා අනාථ වූ පවුල් සංඛ්‍යාව සහ එම පවුල්වලට අයත් සමස්ත සාමාජික සංඛ්‍යාව;
(ii) ඔවුන්ට සහන සැලසීම සඳහා වැය කළ මුදල;
(iii) එම මුදල් වැය කළ ප්‍රමාණය; කොපමණද යන්න එක් එක් දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ජලගැලීම් නිසා අවතැන්වූ පුද්ගලයෙකුට පිසූ ආහාර ලබාදීම සඳහා දිනකට වෙන් කර ඇති මුදල කොපමණද;
(ii) එම මුදල වෙන් කරනු ලබන දින ගණන කොපමණද;
(iii) ඉහත සඳහන් ආපදාවන්ට ලක් වූ පවුල්වල ළදරුවන් වෙනුවෙන් කිරිපිටි ලබාදීමට මුදල් වෙන් කර තිබේද;
(iv) එම පවුල්වලට වියළි සහනාධාර ලබාදෙන්නේද;
(v) එසේ නම්, ඊට වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය කොපමණද;
(vi) කොපමණ කාල සීමාවක් සඳහා එම මුදල් වෙන්කිරීම සිදුකරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ජල ගැලීමෙන් හානිවන අනවසර පදිංචිකරුවන්ගේ නිවාස වෙනුවෙන් වන්දි ලබා දෙන්නේද;
(ii) එසේ නම්, එම මුදල කොපමණද;
(iii) නිරතුරුවම ගංවතුර තර්ජනවලට ලක්වන ගංගා, ඇල, දොළ සහ වැව් රක්ෂිතයන්හි පදිංචිකරුවන් විකල්ප ස්ථානවල පදිංචි කරවීමට වැඩපිළිවෙළක් තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-26
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජල ගැලීම් හා නාය යෑම් නිසා අනාථ වූ පවුල්: සහන
පිළිතුරු දුන් දිනය
2013-12-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks