පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3553/’13
ගරු රවී කරුණානායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර ගණන දිස්ත්‍රික් පදනමින් කොපමණද;
(ii) එම ඉඩම් වාණිජමය සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකිද;
(iii) නොඑසේ නම්, අධික වටිනාකමකින් යුත් එම ඉඩම් වාණිජ කටයුතු සඳහා යොදා නොගන්නේ මන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කිසියම් ඉඩමක් පෞද්ගලික අංශයට හෝ වෙනත් පෞද්ගලික සමාගමකට ලබා දී තිබේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත (ආ) යටතේ සඳහන් කර ඇති පරිදි ඉඩම් ලබා දී තිබේ නම්,
(i) එසේ ලබා දී ඇති එක් එක් ඉඩමෙහි ප්‍රමාණය පර්චස්වලින් හෝ අක්කරවලින් කොපමණද;
(ii) එම එක් එක් ඉඩමෙහි මිල කොපමණද;
(iii) එකී ඉඩම් කවර කාල පරිච්ඡේදයක් සඳහා ලබා දී තිබේද;
(iv) එකී ඉඩම් ලබාදීමට අදාළ ගනුදෙනුවෙහි ස්වභාවය කවරේද (ලබාදුන්නේ ඉල්ලීම පරිදිද; එසේ නොමැතිවද යන්න);
(v) එකී ඉඩම් කවර පුද්ගලයෙකුට ලබාදුන්නේද;
(vi) එකී ඉඩම් භාවිතා කරනු ලබන කාර්යය කවරේද;
යන්න එක් එක් ඉඩම පදනමින්, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-11
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks