E   |     |  

 දිනය: 2014-11-15   පිළිතුර ලබා දී ඇත 

3555/ 2014 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3555/’13

       

      ගරු රවී කරුණානායක මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පසුගිය වර්ෂ 3 තුළ දේශීයව සහ විදේශ රටවලින් මිලට ගන්නා ලද එළදෙනුන් සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද;

                   (ii)       විදේශීය රටවලින් මිලට ගත් එක් එළදෙනකගේ මිල කොපමණද;

      (iii) එම එළදෙනකගේ සාමාන්‍ය මිල කොපමණද;

      (iv) මිලට ගත් මුල් ස්ථානයේ සිට ගමනාන්ත ගොවිපොළ දක්වා රැගෙන එන ලද එක් එළදෙනකු වෙනුවෙන් දරන ලද මුළු පිරිවැය කොපමණද;

      (v) ඔවුන් ආනයනය කළේ කිනම් රටකින්ද;

      (vi) එළදෙනුන් මිලදී ගැනීම සඳහා එම රට තෝරා ගැනීමට හේතුව කවරේද;

      (vii) ඉහත සඳහන් මිලදී ගැනීම නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු කරන ලද්දේද;

      (viii) නොඑසේ නම්, එම මිලදී ගැනීම් සිදු කරන ලද පදනම කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-15

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks