E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

3561/ 2014 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3561/’13

       

      ගරු රවි කරුණානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       2012 සහ 2013 වර්ෂ සඳහා මෙම අමාත්‍යාංශයට හෝ අමාත්‍යාංශය යටතේ ඇති අන් කවර හෝ ආයතනයකට / කාර්යාලයකට විශේෂඥ උපදේශකවරයෙකු, අනුශාසකවරයෙකු හෝ වෙනත් එබඳු නිලධාරියෙකු පත් කරනු ලැබ තිබේද;

      (ii) එසේ නම්, එම පත්වීම්ලාභීන්ගේ නම් සහ ඔවුන් පත් කරන ලද දිනයන් කවරේද;

      (iii) ඔවුන් පත් කිරීමේ පරමාර්ථය කවරේද;

      (iv) ඔවුන් වෙනුවෙන් මාසයකට වැය වන මුළු මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) වර්ෂ 2009 සිට 2011 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ඉහත (අ) (i) හි ආකාරයේ පත්කිරීම් කවරක් හෝ සිදුකොට තිබේද;

      (ii) මේ වන විට එම පත්වීම් ක්‍රියාත්මකව පවතීද;

      (iii) එසේ නම්, ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් හෝ ඔවුන් පත් කිරීම සඳහා සලකා බලන ලද වෙනත් යම් නිර්ණායකයන් තිබේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks