E   |     |  

 දිනය: 2013-08-07   පිළිතුර ලබා දී ඇත 

3577/ 2013 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3577/’13

       

      ගරු සුජීව සේනසිංහ මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)         (i)       ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරාබි එමිරේට් රජයේ ඔසරෙන් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175ක ණයක් ඉල්ලා තිබේද;

      (ii) ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගෙන තිබේද;

      (iii) ලබා ගන්නා  රුපියල් බිලියන 21 න් රුපියල් බිලියන 15 ක ණය මුදලක් ලංකා ඛ‍නිජ තෙල් සංස්ථාවට පියවීමට තිබේද;

      (iv) ගුවන් තොටුපල සඳහා අවශ්‍ය ණය මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් රැසක් තිබියදී ඒ සඳහා නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේ පිදුරුතලාගල වතුයාය තෝරාගැනීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-07

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය : ණය මුදල

පිළිතුරු දුන් දිනය

2013-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks