පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3587/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මීගමුව ප්‍රදේශයේ රුක්මණී දේවි අනුස්මරණ කෞතුකාගාරය සහ රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍රය නමින් ආයතන දෙකක් පවත්වා ගෙන යනු ලබන බව දන්නේද;
(ii) ඒවායේ පාලනය සිදු කරනු ලබන ආයතනය කවරේද;
(iii) 2010, 2011 සහ 2012 යන වර්ෂවලදී ඉහත සඳහන් ආයතන දෙක ලැබූ වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත (iii) හි සඳහන් වර්ෂවලදී එම ආයතනවල වැටුප් හා වෙනත් වියදම් සඳහා වැය වූ සමස්ත වියදම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍රයේ සහ කෞතුකාගාරයේ ඇති දුර්ලභ භාණ්ඩ සහ ඡායාරූප නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් දිරාපත් වෙමින් පවතින බවත්;
(ii) රංග ශිල්ප කේන්ද්‍රයේ වහලය සහ වැහිපීලි දිරාපත් වෙමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) ඉහත කෞතුකාගාරය සහ රංග ශිල්ප කේන්ද්‍රය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංස්කෘතික හා කලා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රුක්මණී දේවි අනුස්මරණ කෞතුකාගාරය සහ රංග ශිල්ප කේන්ද්‍රය : ප්‍රතිසංස්කරණය
පිළිතුරු දුන් දිනය
2014-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks