පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3589/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ ආයෝජන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයෝජන සඳහා යොදවා ඇති මුළු මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම අරමුදල් යොදවා ඇති කර්මාන්ත හෝ සේවා කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ලබා දී ඇති සහන කවරේද;
(ii) 2010, 2012 සහ 2013 වර්ෂවලදී ඔවුන්ගේ කර්මාන්ත හෝ සේවා ස්ථාන ස්ථාපනය කිරීම සඳහා රජය මගින් ඉඩම් ලබා දී තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් ලබා දී ඇති පදනම කවරේද;
(iv) එලෙස ලබා දී ඇති එක් එක් ඉඩම් පිහිටි දිස්ත්‍රික්කය, ඉඩම් ප්‍රමාණය, ඉඩමේ නම සහ ලිපිනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකාවට ලැබී ඇති විදේශ ආයෝජන: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks