බලන්න

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3601/ 2013 - ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3601/’13

       

      ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      කොරියානු රැකියා අවස්ථා සඳහා 2012 වර්ෂයේ පැවැත්වූ කොරියානු භාෂා විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

        (ii)  ඔවුන් අතරින් 2012 වර්ෂය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

        (iii)  එසේ යවනු ලැබූ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොරියානු භාෂා විභාගය : සමත් අයදුම්කරුවන්

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks