E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3683/ 2013 - ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3683/’13

      ගරු නිමල් විජේසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2005 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක කළ තිරසාර කෘෂිකර්ම ජල කළමනාකරණ ව්‍යාපෘති අදියර I හා II හි අරමුණු කවරේද;

                  (ii)       එම අරමුණු ළඟා කර ගැනීම සඳහා මෙතෙක් දරා ඇති ප්‍රයත්නයන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  2012 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට ‍අපේක්ෂා කරන ලද වගා ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වයන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  (i)  කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීමේ වැඩසටහන් තුළින් මෙතෙක් දරා ඇති ප්‍රයත්නයන් කවරේද;

        (ii)  ඊට අදාළව ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තිරසාර කෘෂිකර්ම ජල කළමනාකරණ ව්‍යාපෘතිය: අදියර I හා II

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks