බලන්න

E   |     |  

 දිනය: 2014-03-18   පිළිතුර ලබා දී ඇත 

3733/ 2014 - ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3733/’13

       

      ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       සවුදි අරාබියේදී ගෙල සිඳීමේ දඬුවමට හසුව මියගිය මුත්තූර්හි, බාලවයස්කාර රිසානා නාෆික් නමැති පාසල් ශිෂ්‍යාව රවටා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි සාදා විදේශගත කිරීමේ වරද හේතුවෙන් ලියාපදිංචිය අහෝසිකළ  “ඔමාර් ට්‍රැවල්ස්” නමැති රැකියා ඒජන්සිය නැවත “ඔමල්කා ට්‍රැවල්ස්” යන නාමයෙන් ලියාපදිංචි වී ඇති බව දන්නේද;

      (ii) අසාධු ලේඛනගතවූ “ඔමාර් ට්‍රැවල්ස්” ඒජන්සිය එම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ම වෙනත් නමකින්  ලියාපදිංචි කිරීමට අවසරදීමට හේතු කවරේද;

      (iii) එවැනි අවසරදීමක් සිදුකිරීම හේතුවෙන් කූට ඒජන්සිකරුවන් තව තවත් අපරාධවලට පෙළඹෙන බවත්, ව්‍යාජ ලිපිලේඛන සෑදීමට බිය නොවන බවත් පිළිගන්නේද;

      (iv) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නේද;     

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-18

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"ඔමාර් ට්‍රැවල්ස්" රැකියා ඒජන්සිය : නැවත ලියාපදිංචිය

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks