E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

3734/ 2013 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3734/’13

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)        (i)      ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ, කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් ඇති වුවහොත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු පියවර කවරේද;

                     (ii)   එවැනි අවස්ථාවකට මුහුණදීම සඳහා ආරක්ෂාකාරී පෙර සූදානමක් ශ්‍රී ලංකාව සතුවේද;

                    (iii)   එසේ නම්, එම ආරක්ෂාකාරී ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  අන්තර්ජාතික පරමා‍ණු ශක්ති ඒජන්සි නීතිරාමුව පරිදි, ඉහත සඳහන් න්‍යෂ්ටික බලාගාරය පිහිටුවීමේදී, කි.මී. 500 පමණ දුරකින් පිහිටි ශ්‍රී ලංකාව දැනුවත් කිරීමත්, ඊට අදාළ එකඟතාව ලබා ගැනීමත් සිදුකර තිබේද;

        (ii)  ශ්‍රී ලංකාවේ අනුමතිය ඒ සඳහා ලබාදුන්නේ නම්, ඊට අදාළ කර ගත් කොන්දේසි කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරය : ආරක්ෂාකාරී පෙර සූදානම

පිළිතුරු දුන් දිනය

2013-12-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks