E   |     |  

 දිනය: 2013-12-07   පිළිතුර ලබා දී ඇත 

3744/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3744/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ස්ත්‍රීන්ට ‍එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් දුරුකිරීමේ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW) සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ වූ ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තිය යනාදී ජාත්‍යන්තර සහ දේශීය සම්මුති ගණනාවක් පවතින බවත්;

        (ii)  අදාළ සම්මුති ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඒවාට අත්සන් තබා ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ අසමතුලිතභාවයක් (Gender inequality) පවතින බව පිළිගන්නේද;

        (ii)  මෙම තත්ත්වය දුරලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?        

       

අසන ලද දිනය

2013-12-07

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාව : දුරලීම

පිළිතුරු දුන් දිනය

2013-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම., පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks