E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3770/ 2013 - ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3770/’13

       

      ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      කලාව, සංස්කෘතිය සහ සාහිත්‍ය ප්‍රවර්ධනය කරනු පිණිස ජනාකීර්ණ කින්නියා නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස අධ්‍යාපනඥයින්, විද්වතුන් සහ ලේඛකයින් විසින් පසුගිය කාලයේ ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ) ඉහත සඳහන් කළ අංශයන් සහ ජනතාවගේ අනෙකුත් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම පිණිස කින්නියා නගරයේ එවැනි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටු වීම:කින්නියා නගරය

පිළිතුරු දුන් දිනය

2013-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks