පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3823/’13
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝහල් කවරේද;
(iii) එම එක් එක් රෝහලේ ඇති ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් රෝහලේ එක් දිනක් තුළ ලේ පිරිසිදු කිරීම් සඳහා භාජනය වන රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(v) වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්යයන් සඳහා අනුයුක්ත කර ඇති වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය එම එක් එක් රෝහල අනුව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සෞඛ්‍ය සේවා කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එම කාර්යාල හරහා මේ වන විට හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අනුරාධපුර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේද;
(ii) එසේ නම්, එම කටයුතු ආරම්භ කළ දිනය කවරේද;
(iii) වකුගඩු බද්ධ කිරීමක් දැනට සිදු නොකරන්නේ නම්, එයට ඇති අපහසුතා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-23
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහිත රෝහල් : අනුරාධපුර දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2016-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks