පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3834/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 2013.03.19 දින වන විට සිටි සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම්, ලිපිනයන්, අධ්‍යාපන හා වෙනත් සුදුසුකම්, වැටුප් හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට පත් කර ඇති ඇතැම් අය විවිධ චෝදනාවලට ලක් වී ඇති පුද්ගලයින් බවත්;
(ii) ඇතැම් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කම්කරු කොමසාරිස් කාර්යාලයේ නඩු විභාගවෙමින් පවතින බවත්;
(iii) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය සඳහා දූෂණ චෝදනා ලැබ සිටි නිලධාරීන් පිරිසක් බඳවා ගෙන සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) ඉහත (ආ) හි සඳහන් තත්ත්වයන් නිසා මුළු මහත් රක්ෂණ සංස්ථාවම අපකීර්තියට සහ අගාධයට වැටෙමින් පවතින බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම තත්ත්වය වැළැක්වීම සඳහා විවිධ චෝදනා ලබා ඇති අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා දූෂිත නිලධාරීන් එම සංස්ථාවේ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය: දූෂණ චෝදනා
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරත් අමුණුගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks