E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

3869/ 2013 - ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3869/’13

      ගරු ශෙහාන්  සේමසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      සෑම ග්‍රාම නිලධාරී වසමක් තුළම කප්රුක සමිති අරඹන බවට 2012 අයවැය විවාදයේදී සඳහන් කළ පරිදි, කප්රුක පුරවර වැඩසටහන යටතේ මේ වන විට පිහිටුවා ඇති එම සමිති සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එක් සමිතියකට චක්‍රීය අරමුදලක් ලෙස රු. 15,000/-ක් ලබා දෙන බවට කළ සඳහන අනුව මේ වන විට කප්රුක සමිතිවලට ලබාදී ඇති මුළු මුදල කොපමණද;

      (iii) මේ වන විට සියලුම කප්රුක සමිතිවලට අරමුදල් ලබාදී නොමැති නම්, එම අරමුදල් ලබා දී නොමැති සමිති කවරේද;

      (iv) එම සමිතිවලට අරමුදල් ලබා නොදීමට හේතුව කවරේද;

      (v) මෙතෙක් අරමුදල් ලබා නොදුන් කප්රුක සමිති සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?     

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කප්රුක සමිති : චක්‍රීය අරමුදල්

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks