E   |     |  

 දිනය: 2014-02-07   පිළිතුර ලබා දී ඇත 

3906/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3906/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මුලතිව් දිස්ත්‍රික්කයට අයත්, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, “කුලාරිප්පු” වන රක්ෂිතය, මාන්කුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “මට්ටු සුඩාන්” රජයේ වනාන්තරය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි, මඩු හා මාන්තායි බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් වන රක්ෂිතවල අක්කර විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් පවතින්නේද;

        (ii)  ඉහත එක් එක් වනාන්තර භූමියෙන් මේ වන විට එළිපෙහෙළි කර ඇති  බිම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  එම වනාන්තර භූමි  ප්‍රදේශ එළිකිරීමේ අරමුණු වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-02-07

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක: වන රක්ෂිත එළි කිරීම

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks