07

E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3912/ 2013 - ගරු ගරු රුවන් රණතුංග මහතා, පා.ම.,, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3912/’13

       

      ගරු රුවන් රණතුංග මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ වෛද්‍යවරුන් නැවත රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීමේදී සේවා පළපුරුද්ද, ශ්‍රේණිය හා ජ්‍යෙෂ්ඨත්වය නොසලකා ඔවුන් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය තනතුරේ පිහිටුවාලීමේ අසාධාරණ ක්‍රමවේදයක් පවතින බවත්;

        (ii)  හමුදා සේවයෙන් ඉවත්ව තවදුරටත් රටට සේවය කිරීමට කැමති බොහෝමයක් වෛද්‍යවරුන්ගේ රට හැර යෑමට එම තත්ත්වය හේතුවී ඇති බවත්;

       

        (iii)  එවැනි තත්ත්වයක් යටතේ වුවද, රජයේ වෛද්‍ය සේවයට ඇතුළත් වූ වෛද්‍ය එම්. ඩී. ඩබ්ලිව්. ලොකුගේ ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් මේ වන විට බලවත් අසාධාරණයකට ලක් වෙමින් ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  ශ්‍රේණිය පහත හෙළා එම වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීම හමුදා සේවය යටතේ ඔවුන් රටට කළ සේවය වරදක් සේ සලකා  කරනු ලබන දඩුවම් දීමක් නොවන්නේද;

        (ii)  යුද්ධය පැවති අවධියේ ඔවුන් ස්ව කැමැත්තෙන් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකායට එක් වී සිදු කළ සේවය ඇගයීමට ලක් නොකිරීමට හේතු කවරේද;

        (iii)  එම වෛද්‍යවරුන් බඳවා ගැනීමේදී ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදයේ 17 වැනි වගන්තිය යටතේ දැක්වෙන අනු වගන්තීන් හා 14.4 සහ VII වැනි පරිච්ඡේදයේ 9.3 හා 9.4 වගන්තීන්ට අනුවත් දිය හැකි අනුග්‍රහ ලබා නොදීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?         

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු රුවන් රණතුංග මහතා, පා.ම.,

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරුන්: රජයේ වෛද්‍ය සේවයට බඳවා ගැනීම

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks