E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

3924/ 2014 - ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3924/’13

       

      ගරු සුජීව සේනසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       හම්බන්තොට වරායේ බාජ් එකක් තිබේද;

                  (ii)       එහි බහාලුම් මෙහෙයවීම සඳහා සවිකර ඇති දොඹකර සංඛ්‍යාව කොපමණද:

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  වෙනත් ගමනාන්ත කරා යන අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා පමණක් හම්බන්තොට වරායට මේ දක්වා පැමිණ ඇති නැව් සංඛ්‍යාව කොපමණද;

        (ii)  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා විසින් සඳහන් කරනු ලබන පරිදි  හම්බන්තොට වරායේ ස්ථිර සේවකයින් 5000ක් පමණ සේවය කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

       

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks