E   |     |  

 දිනය: 2013-11-27   පිළිතුර ලබා දී ඇත 

3937/ 2013 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3937/’13

       

      ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)          (i)      “LTL Projects (Pvt.) Ltd.” ආයතනය හෝ එයට ආසන්න නමක් ඇති ආයතනයකට අදාළව කවරාකාරයේ හෝ අයිතියක් කිසියම් දිනක ලංකා විදුලිබල මණ්ඩලය සතුව ති‍බුණේද;

        (ii)  එසේ නම්, එම ආයතනය ස්ථාපනය කළ දින සිට අද වන තෙක් සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වැනි දිනට එහි කොටස්වලින් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවී තිබූ  කොටස් ප්‍රතිශතයන් කවරේද;

        (iii)  කිසියම් හේතුවක් නිසා එම ආයතනයේ කොටස්වලින් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොටස් ප්‍රමාණයේ අඩුවීමක් සිදු වී තිබේ නම්, අඩුවූ එම කොටස්වල වත්මන් අයිතිය සතුව පවතින පුද්ගලයන්/ආයතනවල නම් කවරේද;

        (iv)  එම ආයතන/පුද්ගලයන් සතු කොටස් ප්‍රතිශත කවරේද;

        (v)  ඉහත ආයතනවලට/පුද්ගලයන්ට එම කොටස් පවරා දුන් පදනම කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-27

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එල්ටීඑල් ප්‍රොජෙක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් : ලංකා විදුලිබල මණ්ඩලය සතු කොටස්

පිළිතුරු දුන් දිනය

2013-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks