E   |     |  

 දිනය: 2013-11-28   පිළිතුර ලබා දී ඇත 

3939/ 2013 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3939/’13

       

      ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයට එක් කොටසක හෝ හිමිකම ඇති,  විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම ඇතුළු කටයුතු සඳහා ස්ථාපනය කළ සියලු සමාගම්වල නම් කවරේද;

        (ii)  එම එක් එක් සමාගමේ කොටස් බෙදී යන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

        (iii)  එම කොටස්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

        (iv)  ඉහතින් සඳහන් කළ එක් එක් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

        (v)  එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතරින් ලංකා විදුලිබල මණ්ඩලයට පත් කර ඇති  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-28

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා විදුලිබල මණ්ඩලයට හිමිකම ඇති සමාගම් : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks