E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

3942/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3942/’13

      ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      වර්ෂ 2011 ජුනි සිට 2012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ගෙන ඇති ණය ප්‍රමාණය කොපමණද;

                   (ii)      පසුගිය වර්ෂ 5 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ණය ලබා ගෙන ඇති ආයතන වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) අද වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුළු ණය ප්‍රමාණය කොපමණද;

      (iv) එම ණය ගෙවීමට ඇති ආයතන කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය වර්ෂ 5 තුළදී,

      (i) ණය වෙනුවෙන්  ගෙවන ලද පොලී ප්‍රමාණයන් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ණය වෙනුවෙන් ගෙවා ඇති මුළු පොලී ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව : ණය හා පොලිය

පිළිතුරු දුන් දිනය

2014-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks