E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

4052/ 2014 - ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4052/’13

       

      ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       ගාල්ල, ඉමදුව නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට,

                   (i)       අරමුදල් ලැබෙන මූලාශ්‍රය කවරේද;

                  (ii)       ඇස්තමේන්තු ගත වියදම කොපමණද;

                 (iii)       ඉඩම් අත්පත් කරගෙන තිබේද;

        (iv)  ඉඩම් අත්පත් කරගැනීම සඳහා අදාළ කරගත්, ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ වගන්තිය කවරේද;

        (v)  අත්පත් කර‍ගෙන තිබෙන හෝ එසේ කිරීමට නියමිත  ඉඩම් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවන්නේද;

        (vi)  කඩා ඉවත් කිරීමට නියමිත වෙළඳසැල් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි පිළිබඳව අදාළ ව්‍යාපාරිකයින් දැනුවත් කරන්නේද;

        (vii)  ඉවත් කරනු ලබන ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් විකල්ප ව්‍යාපාරික ස්ථාන ලබා දෙන්නේද;

        (viii)  විකල්ප ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ප්‍රදේශය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  ඉමදුව නගර සංවර්ධන සැලැස්ම යටතේ පුළුල් වන, ගාල්ල-අකුරැස්ස ප්‍රධාන  මාර්ගයේ ඉමදුව නාගරික මංසන්ධිය අසලදී පළල කොපමණද;

        (ii)  ඉමදූව නගරයට පිටතින් ඉදිවන විකල්ප මාර්ගයේ පළල කොපමණද;

        (iii)  විකල්ප මාර්ගය හා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා  ගොඩකළ කුඹුරු ඉඩම් නිසි ක්‍රමවේදයක් යටතේ පවරාගෙන තිබේද;

        (iv)  එම ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට කටයුතු කර තිබේද;

        (v)  නොඑසේ නම්, එම වන්දි ගෙවීමට කටයුතු කරන දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉමදුව නගර සංවර්ධන සැලැස්ම : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks