E   |     |  

 දිනය: 2013-12-18   පිළිතුර ලබා දී ඇත 

4077/ 2013 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4077/’13

       

      ගරු එස්. ශ්‍රීතරන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2012 වර්ෂයේ යල කන්නයේදී ඇති වූ නියඟය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වී වගාවට සිදු වූ හානිය කොපමණද;

                   (ii)      වී වගාවට සිදු වූ ඉහත හානි වෙනුවෙන්  මෙතෙක් ගොවීන්ට සහනාධාර ලබා නොදීමට හේතු කවරේද;

      (iii) 2012-2013 වකවානුව තුළ මහ කන්නයේදී  ගංවතුර හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හානියට පත් වූ කුඹුරු ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

      (iv) එම ගංවතුර නිසා ගොවීන්ට සිදුවූ  හානිය කොපමණද;

      (v) එම ගොවි ජනතාවගේ වී වගාවන්ට සිදු වූ ඉහත හානිය වෙනුවෙන් මෙතෙක් සහනාධාර ලබා නොදීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-12-18

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වී වගා හානි : සහනාධාර

පිළිතුරු දුන් දිනය

2013-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks