E   |     |  

 දිනය: 2014-10-23   පිළිතුර ලබා දී ඇත 

4091/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4091/’13

      ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)       (i)       2013 වර්ෂය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියා විරහිතව තිබූ දින තිබුනේද;

                  (ii)       එසේ ක්‍රියා විරහිත කිරීමට හේතු වූ කරුණු කවරේද;

                 (iii)       බොර තෙල් නියමිත පරිදි සපයා ගැනීමට නොහැකි වීමෙන් පිරිපහදුව වසා දමා තිබුනේද;

        (iv)  එම දිනයන්  කවරේද;

        (v)  බොර තෙල් නොමැතිකමින් පිරිපහදුව වසා දැමීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ අලාභය දළ වශයෙන් කොපමණද;

        (vi)  බොර තෙල් හිඟවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තිබේද;

        (vii)  එසේ නම්, එම පරීක්ෂණයෙන් වරදකරුවන් වූවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියා විරහිත කිරීම: අලාභය

පිළිතුරු දුන් දිනය

2015-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks