E   |     |  

 දිනය: 2014-03-04   පිළිතුර ලබා දී ඇත 

4092/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4092/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)        (i)      ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ඒ යටතේ පුහුණු වන සිසුන් වෙනුවෙන් 2013 වර්ෂයේදී කොළඹ දී පවත්වන ලද වැඩමුළු සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම වැඩමුළු පවත්වන ලද දිනයන් හා එක් එක් වැඩමුළුව සඳහා සහභාගී වූ සිසුන් සංඛ්‍යාව කවරේද;

        (iii)  එම වැඩමුළුවල පරමාර්ථ කවරේද;

        (iv)  එම වැඩමුළුවලට සහභාගී වූ දේශකයින් කවුරුන්ද:

        (v)  එම එක් එක් වැඩමුළුව වෙනුවෙන් ප්‍රවාහන, ආහාර, දේශන ගාස්තු ඇතුලුව සිදුකළ සමස්ත වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වෘත්තීය පුහුණු අධිකාරිය : වැඩ මුළු

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks