E   |     |  

 දිනය: 2014-03-04   පිළිතුර ලබා දී ඇත 

4093/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4093/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)        (i)      අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව සඳහා ගාස්තු ගණනය කර ඇති පදනම කවරේද;

                  (ii)      අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය සඳහා ලබා දී ඇති ප්‍රමිතීන් කවරේද;

        (iii)  එම ප්‍රමිතීන්ට අනුකූල නොවන බස් රථ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද;

        (iv)  පසුගිය වර්ෂ 3 ක කාලය ඇතුළත එවැනි ක්‍රියා මාර්ග ගනු ලැබූ බස් රථ සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  අර්ධ සුඛෝප‍භෝගී බස් රථවලට සමාන වෙනත් බස් රථ සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනයේ යෙදෙන බව දන්නේද;

        (ii)  අර්ධ සුඛෝපභෝගී බස් රථ හරහා මගී ජනතාවගෙන් අමතර මුදලක් අයකිරීම සිදුවන්නේද;

        (iii)  අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නතරකර දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයට සමගාමීව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

        (iv)  ඒවායේ ප්‍රතිඵල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුද්ගලික ප්‍රවාහන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව : ගාස්තු සහ ප්‍රමිතීන්

පිළිතුරු දුන් දිනය

2014-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks