පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4098/’13
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබන කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාව පිළිබඳව ගැටලු පවත්නා බවත්;
(ii) අවම වශයෙන් විදේශ රටවලින් සන්නිවේදනය කරන, ශ්‍රී ලංකාවට බලපාන අයහපත් කාලගුණික තත්ත්ව පිළිබඳ අනාවැකි විමසා බලා හෝ ඒ පිළිබඳව කල්තබා ජනතාව වෙත දැනුම්දීමට එම දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදීම අපොහොසත් වී ඇති බවත්;
(iii) නිවැරදි කාලගුණික අනාවැකි නිසි කලට නිකුත් නොකිරීම නිසා රටවැසියන්ට, විශේෂයෙන් ධීවර ප්‍රජාවට බරපතල ජීවිත හා දේපළ හානිවලට මුහුණදීමට සිදුවී ඇති බවත්;
(iv) නිවැරදිව හා නිසි කලට අනාවැකි පළකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව සතු පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය නවීන තාක්ෂණය අනුව වහා නවීකරණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක පටන්ම පවත්නා කාලගුණ විද්‍යාඥ තනතුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පියවර ගෙන තිබේද;
(ii) එම පුරප්පාඩු සියල්ල නිශ්චිත ලෙසම පුරවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-05
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks