E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4150/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4150/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

        (අ)        (i)       කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ මැණික් ඉඩම් වෙන්දේසියක් සිදුකරනු ලැබුවේද;

                   (ii)       එසේ නම්, එම වෙන්දේසිය තුළින් උපයා ගන්නා ලද මුළු ආදායම කොපමණද;

      (iii) එම මුදල් නියමිත ක්‍රියාපටිපාටියට අනුව ලබා ගත්තේද;

      (iv) ඉහත වෙන්දේසියට අදාළව තවදුරටත් අයවිය යුතු මුදල් තිබේද;

      (v) එම ඉඩම් වෙන්දේසියේදී ආහාර හා තේ වෙනුවෙන් දරන ලද මුදල ‍කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කතරගම, තම්මැන්නාව මැණික් ඉඩම් වෙන්දේසිය : ඉපයූ මුදල

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks