E   |     |  

 දිනය: 2014-03-06   පිළිතුර ලබා දී ඇත 

4154/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4154/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— අධ්‍යාපන සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)        (i)      2011 නොවැම්බර්  02 දිනැති  අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ 2012 වර්ෂයේ බෙදාහැරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගැනීමට අනුමතිය ලැබුණු පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය කොපමණද;

        (ii)  2012 වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා එම ආයතනය විසින් මිල දී ගනු ලැබූ රෙදි ප්‍රමාණය කොපමණද;

        (iii)  අමාත්‍ය මණ්ඩල  අනුමතිය ඉක්මවා අතිරික්ත ‍නිල ඇඳුම් රෙදි ප්‍රමාණයක්    මිල දී ගනු ලැබීමට හේතු කවරේද;

        (iv)  එම මිල දී ගැනීම නිසා රජයට සිදු වූ පාඩුව කොපමණද;

        (v)  ඒ සඳහා වගකිව යුතු අය කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අතිරික්ත ‍නිල ඇඳුම් රෙදි ප්‍රමාණයක් මිල දී ගැනීම : පාඩුව

පිළිතුරු දුන් දිනය

2014-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුමින්ද දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks