E   |     |  

 දිනය: 2013-11-28   පිළිතුර ලබා දී ඇත 

4252/ 2013 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4252/’13

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      අංක 509/7 හා 1988.06.07 දිනැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාව යටතේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගනු ලබන නිලධාරීන් පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්වීමට අවශ්‍ය වන්නේද;

        (ii)  එසේ නම්, එම සේවා ව්‍යවස්ථාවේ ඒ බව සඳහන්  වගන්තිය කවරේද;

        (iii)  එවැනි වගන්තියක් නොවේ නම්, ඉහත කඩඉම් පරීක්ෂණය සමත් විය යුතු බවට සඳහන් කොන්දේසිය පත්වීම් ලිපිවල ඇතුළත් කිරීම සඳහා එකී සේවා ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තිය යටතේ ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද;

        (iv)  සේවා ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් නොවන්නේ නම් හා 28 වැනි වගන්තිය අනුව ක්‍රියාමාර්ග නොගත්තේ නම්, ඉහත පරිදි බඳවා ගත් නිලධාරීන්ගේ පත්වීම් ලිපිවලට (අ)(iii)හි සඳහන් කොන්දේසිය ඇතුළත් කළ පදනම කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  ඉහත සඳහන් පරිදි අදාළ පත්වීම් ලිපිවල එම සේවා ව්‍යවස්ථාවට අනනුකූල පරිදි කොන්දේසි ඇතුළත් කිරීම නිසා අසීරුවට පත්ව ඇති නිලධාරීන්ට සහනයක් සලසන්නේද;

        (ii)  එසේ නම්, එම සහන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-28

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් : කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks